බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර..

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 02 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන ජූනි 17 වනදා සිට ජූනි 29 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය Voice of Asia මාධ්‍ය ජාලයට අයත් සියත TV නාලිකාව විසින් ලබාගෙන තිබෙන අතර සියත TV ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරඟාවලිය සජීවීව නැරමීමට හැකියාව පවතිනවා.
Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට Sony Sports 2 , Sony Sports 2 HD සහ Ten Cricket නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා. එලෙසම ඩිජිටල් මාධ්‍ය ඔස්සෙ Dialog VIU App එක හරාහා තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ යූටියුබ් නාලිකාව ( Sri Lanka Cricket Official Youtube Channel ) හරහාද තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සජීවීව නැරඹිය හැකියි.