එංගලන්තය සමඟ අවසන් ටෙස්ට් තරඟයේ අවසන් දිනයේදී පන්දුව වෙනස්කළ බවට ඉන්දියාවට චෝදනා.. -
News

එංගලන්තය සමඟ අවසන් ටෙස්ට් තරඟයේ අවසන් දිනයේදී පන්දුව වෙනස්කළ බවට ඉන්දියාවට චෝදනා..

ඉන්දියාව සහ එංගලන්තය අතර අවසන් ටෙස්ට් තරඟයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තාකරමින් තරඟාවලිය 2-2 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාකිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. අවසන් ටෙස්ට් තරඟයේ අවසන් දිනය තුළ පන්දුව වෙනස් කළ බවට සැක සහිත යැයි හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක සබීර් අහ්මඩ් පවසනවා.

පන්දුවාර 80 න් පසුවද ඔවුන් අලුත් පන්දුව නොගෙන පරණ පන්දුවෙන්ම ක්‍රීඩාකළේ එම හේතුව නිසා යැයි තමා සැක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන අතර මෙම පන්දුව පරීක්ශණයකට යොමු කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

” මම හිතන්නෙ ඉන්දියාව වැස්ලීන් භාවිතා කළා. පන්දුවාර 80 න් පස්සෙත් පන්දුව දිලිසුණේ අලුත් එකක් වගේ. විනිසුරුවරුන් මෙම පන්දුව පරීක්ශණයක් සඳහා යොමුකළ යුතුයි. “

තම X ගිණුමේ සටහනක් තබමින් සබීර් අහ්මඩ් මෙම ප්‍රකාශය සිදුකර තිබුණා. ( එම X සටහන පහතින් )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button