ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට විට වැඩි ගෞරව ශ්‍රී ලංකාව දෙසට -
Video

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට විට වැඩි ගෞරව ශ්‍රී ලංකාව දෙසට

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය අද(02) කොළඹ SSC පිටියේදි ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා පළමුව පන්දු යැවීමට තීරණය කලා. චාමික ගුණ්සේකර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 165 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබුවා.


අද තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි.
දිමුත් කරුණාරත්න,නිෂාන් මදුෂ්ක,කුසල් මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,සදීර සමරවික්‍රම,චාමික ගුණසේකර,ප්‍රභාත් ජයසූරිය,විශ්ව ප්‍රනාන්දු,අසිත ප්‍රනාන්දු

ඇෆ්ගනිස්තාන කන්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ඉබ්‍රහිම් සද්‍රාන් හා නූර් අලී සද්‍රාන්. තරගයේ පලමු පන්දුවාරයේ දෙවන පන්දුවෙන්ම ඉබ්‍රහීම් සද්‍රාන්ව ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යැවීමට අසිත ප්‍රනාන්දු සමත්වුනා. ඉන් අනතුරුව පිටියට එක්වූ රහමට් ෂාහ් හා නූර් අලි සද්‍රාන් අර්ධ ශතක සබඳතාවක් ගොඩනැගුවා. එම සබඳතාවට තිත තැබීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයේ නූර් අලී සද්‍රාන්ව ලකුණු 31 කට දවාගනිමින්.

ඉන් අනතුරුව පිටියට එක්වූ හෂ්මතුල්ලාහ් ෂහිඩි සමග එක්වූ රහම්ට් ශා තෙවන කඩුල්ලට ලකුණු 52 ක සබඳතාවක් ගොඩනැගුවා. ෂහිඩිව ලකුණු 17 කටත් නසීර් ජමාල්ව ලකුණු නොලබා දවාගැනීමටත් විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය සමත්වුනා. ඒ වන විට ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව දැක්වුනේ 110/4 ක් ලෙසයි. ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි රහමට් ෂාහ් ලකුණු 91 කට අවාසනාවන්ත ලෙසින් දැවී ගියා. ඒ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට සදීර සමරවික්‍රම රැකගත් අතිවිශිෂ්ට උඩ පන්දුව හමුවේයි.


ඉක්‍රම් අලික්හිල් ලකුණු 21 කටත් සියා උර් රෙහ්මාන් ලකුණු 4 කටත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට විශ්ව ප්‍රනාන්දු සමත්වුනා. නැවත ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය ක්වයිස් අහමඩ්ව ලකුණු 21 කට දවාගැනීමට සමත්වූවා. අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවසන් කඩුළු දෙක දවාගනිමින් ඇෆ්ගනිස්තාන ඉනිමට තිත තැබුවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙ විශිෂ්ට පන්දු යැවීම නිසා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 198 කට සීමා කිරීමට හැකිවූවා. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුළු 4 ක් ද අසිත ප්‍රනාන්දු ලකුණු 24 ට කඩුළු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 67 කට කඩුළු 3 ක් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ නිශාන් මදුෂ්ක සහ දිමුත් කරුණාරත්නයි. පළමු දිනය අවසන් වනවිට ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට නොබිදුනු ලකුණු 80 ක සබඳතාවයක් පවත්වාගෙන යමින් සිටියා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 42 ක්ද නිශාන් මදුශ්ක නොදැවී ලකුණු 36ක් ද ලබාගෙන කඩුල්ලෙ රැඳී සිටී.

විශ්ව ප්‍රනාන්දු ලබාගත් කඩුලු 4 වීඩියෝව

ප්‍රබාත් ජයසූරිය ලබාගත් කඩුලු 3 වීඩියෝව

අසිත ප්‍රනාන්දු ලබාගත් කඩුලු 3 වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button