විලියම්සන් ශතක 30 හේ සිමාවට ළඟාවෙද්දී නවසීලන්ත කොඩුකාරයාගෙන් ද්විත්ව ශතකයක් -
Video

විලියම්සන් ශතක 30 හේ සිමාවට ළඟාවෙද්දී නවසීලන්ත කොඩුකාරයාගෙන් ද්විත්ව ශතකයක්

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරඟය මේ දිනවල පැවැත්වෙනවා. එහිදි නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 511 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. එහිදී නායක කේන් විලියම්සන් ලකුණු 118 ක් රැස්කළ අතර එය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 30 වන ශතකයයි. වර්තමාන ටෙස්ට් පිතිකරුවන් අතරින් ශතක 30 හේ සීමාවට ළඟාවූ තෙවන ක්‍රීඩකයා බවට පත්වීමටද විලියම්සන් සමත්වුණා.

නවසීලන්ත පළමු ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් සුපිරි ඉනිමක් දියත්කිරීමට 24 හැවිරිදි යොවුන් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර සමත්වුණා. එහීදී ඔහු පන්දු 366 ක් තුළ ලකුණු 240 ක දැවැන්ත ඉනිමක් ගොඩනැගුවා. මෙය ඔහුගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වූ අතර ඔහු මෙම ටෙස්ට් ද්විත්ව ශතකය රැස්කළේ ඔහුගේ සිව්වන ටෙස්ට් තරඟයේදී වීම විශේශත්වයක්.

රචින් රවීන්ද්‍ර මංගල ද්විත්ව ශතකය ලබාගත් මොහොත, වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button