ඉන්දියානු යෞවනයන් පිට පිට පස්වන වරටත් අවසන් මහා තරඟයට -
News

ඉන්දියානු යෞවනයන් පිට පිට පස්වන වරටත් අවසන් මහා තරඟයට

මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 244 ක් රැස්කළා.

ලකුණු 245 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු හතර ලකුණු 32 කදී දවාගැනීමට දකුණු අප්‍රිකා පන්දුයවන්නන් සමත්වුනේ තරඟයේ වැඩිවාසි දකුණු අප්‍රිකාවට අත්කරදෙමින්.

ඉන් අනතුරුව සචින් දාස් සමඟ එක්වූ උදේ සහරන් බිඳවැටුණු ඉනිම ගොඩනඟමින් ජයග්‍රහණය පෙනෙන මානයට ඉන්දියාව රැගෙන ගියා. විශිෂ්ට ඉනිමක් දියත්කළ සචින් දාස් ලකුණු 96 ක් රැස්කළා.

තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේ දකුණු අප්‍රිකාව නැවතත් තරඟයට අවතීර්ණ වුවත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුනේ නෑ. ඒ අනුව පන්දුවාර 48 යි පන්දු 5 කදී ජයග්‍රාහී ඉලක්කය හඹායාමට ඉන්දීය කණ්ඩායම සමත්වුනා. ඉන්දියාව වෙනුවෙන් අවසානය තෙක් සටන්කාමී ඉනිමක් දියත්කළ උදේ සහරන් ලකුණු 81 ක් රැස්කළා.

ඒ අනුව ඉන්දියාව පිට පිට පස්වන වරටත් 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරඟයේ සිය ස්තානය මෙවරත් වෙන්කරගත්තා.

මෙවර නැශනල් ලීග් තරඟාවලියේ (ILT20) දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකාකික සුපිරි ක්‍රීඩකයා මෙන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button