ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව පළමු තරගය ලකුණු 42 කින් ජයගනී. -
Video

ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව පළමු තරගය ලකුණු 42 කින් ජයගනී.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති පළමු තරගයෙන් ලකුණු 42 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කලා. ඒ අනුව පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සමගින් පැතුම් නිස්සංක. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 182 ක් එක් කලා.

එම සබඳතාව බිඳ වැටුනේ ෆරීඩ් අහම්ඩගේ පන්දුවකට අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 කට දැවී යාමෙන්. නැවතත් අසාර්ථක වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 31 ක් ක්‍රීඩා කරමින් රැස් කලේ ලකුණු 16 ක් පමණයි. ඔහු මොහොමඩ් නබීගේ පන්දුවක් හමුවේ දැවී ගියා. මේ අතරතුරදී පැතුම් නිස්සංක පන්දු 88 කදී තම සිව්වන එක්දින ශතකය වාර්තා කලා.

පැතුම් නිස්සංක සමගින් එක්වූ සදීර සමරවික්‍රම තෙවන කඩුල්ලට ලකුණු 120 ක් එක් කලා. එම සබඳතාව බිඳ වැටුනේ සදීර ලකුණු 45 කට දැවී යාමෙන්. ඉන් අනතුරුව පිටියට එක්වූ චරිත් අසලංක හා පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 381 ක් දක්වා රැගෙන ගියා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කල පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210 ක් රැස් කලා. ඔහුගේ ඉනිමට හයේ පහර 08 ක් සහ හතරේ පහරවල් 20 ක් අන්තර්ගත වුනා.

ලකුණු 382 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භය නම් එතරම් සුබවූයේ නෑ. ඒ ඇෆ්ගන් මුල් කඩුලු පෙළ ලකුණු 55 ක් හමුවේ දැවීගිය නිසා. එහිදී ප්‍රමෝද් මදුෂාන් විසින් ගුර්බාස්, ඉබ්‍රහිම් සද්‍රාන්, හෂ්මතුල්ලා ෂහිඩි ව දවාගත්තා. රහමට් ෂාහ් හා ගුල්බදීන්ව දවාගැනීමට දුෂ්මන්ත චමීර සමත්වුනා.


කෙසේ නමුත් බිඳ වැටුනු ඇෆ්ගන් ඉනිම ගොඩනැගීමට එක්වුනේ අස්මතුල්ලාහ් ඕමර්සායි හා මොහොමඩ් නබීයි. ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ලට ලකුණු 242 ක දැවැන්ත සබඳතාවක් එක් කලා. එහිදී මොහොමඩ් නබී තම දෙවන එක්දින ශතකයත් ඕමර්සායි තම මංගල ශතකයත් වාර්තා කිරීමට සමත්වුනා. කෙසේ නමුත් නැවත ක්‍රියාත්මක වූ ප්‍රමෝද් මදුශාන් මොහොමඩ් නබීව දවාගනු ලැබුවා. ඔහු දැවීයන විට පන්දු 130 කදී ලකුණු 136 ක් රැස් කරගෙන තිබුනා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 15 ක් ඇතුලත් වුනා.

පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට රැස්කරගැනීමට හැකිවූයේ කඩුලු 6 කට ලකුණු 339 ක් පමණයි. ඒ අනුව ලකුණු 42 ක ජයක් ශ්‍රී ලංකා කන්ඩායමට හිමිවුනා.
ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් අස්මතුල්ලාහ් ඕමර්සායි පන්දු 115 කදී නොදැවී ලකුණු 149 යි. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 06 ක් සහ හතරේ පහරවල් 13 ක් ඇතුලත් වුනා. පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුශාන් ලකුණු 75 කට කඩුලු 4 ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 55 කට කඩුලු දෙකක් බිඳහෙලුවා.

තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල පැතුම් නිස්සංක දිනාගනු ලැබුවා.

ඒ අනුව තරග තුනකින් සමත්විත එක්දින තරගාවලියේ තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුන ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත්වුනා. දෙරට අතර පැවැත්වෙන මීලග එක්දින තරගය පෙබරවාරි මස 11 වන දින පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමය නියමිතයි.

ප්‍රමෝද් මදුශාන් ආරම්භයේදීම ලබාගත් කඩුලු 3 වීඩියෝව

කුසල් මෙන්ඩිස් රැකගත් විශිෂ්ඨ උඩපන්දුව වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button