අපි (බංග්ලාදේශය) ශ්‍රී ලංකාවට හොඳ තරඟයක් ලබාදෙන බව මට විශ්වාසයි – හතුරුසිංහ -
Conference

අපි (බංග්ලාදේශය) ශ්‍රී ලංකාවට හොඳ තරඟයක් ලබාදෙන බව මට විශ්වාසයි – හතුරුසිංහ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගාවලිය මාර්තු මස 04 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. මාධ්‍ය සාකච්ඡාවට එක්වූ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තරගාවලිය ගැන මෙසේ අදහස් දැක්වූවා.

මෙය ඉතාමත් හොඳ තරගාවලියක්. ශ්‍රී ලංකාව කියන්නෙ ඉතාමත් හොද විස්සයි විස්ස කණ්ඩායමක්. ඔවුන්ගෙ පන්දු යැවීම ගත්තොත් ලෝකේ හොදම කණ්ඩායම් 03 අතරේ තියන්න පුලුවන්. අපි( බංග්ලාදේශය) විස්සයි විස්ස කණ්ඩායමක් ලෙස ගොඩනැගෙමින් ඉන්නවා. අවංකවම කිව්වොත් අපි එතරම් ප්‍රබල කණ්ඩායමක් නොමේ. මෙම තරගාවලිය අපිට හොද අභියෝගයක්. ඒ වගේම අපි ඔවුන්ට( ශ්‍රී ලංකාවට) හොද තරගයක් ලබා දෙන බව මට විශ්වාසයි. ලෝක කුසලාන තරගාවලියට පෙර අප සිටින්නේ කොතැනකදැයි මේ තරගමාලාවෙන් පසුව අපට තේරුම් ගන්න පුලුවන්.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන ඔහු පැවසුවේ මෙවන් අදහසක්

අපිට හරියාකාර T20 තරගාවලියක් නෑ. මම BPL නරඹන විට සමහර වෙලාවට මම TV එක Off කරලා දානවා. මට දැනට පවතින සිස්ටම් එකත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ICC ය මේ සඳහා මැදිහත් විය යුතුයි. අපගේ ක්‍රිකට් මණ්ඩලය මේ සඳහා කුමක් හෝ කල යුතුයි. යම් නීති රීති පද්ධතියක් තිබෙන්න ඕනි. එක ක්‍රීඩකයෙක් එක් තරගාවලියක් ක්‍රීඩා කරනවා ඊට පස්සෙ වෙනත් තරගාවලියක් ක්‍රීඩා කරනවා.ඒක නිකන් හරියට සර්කස් එකක් වගේ. මිනිස්සුන්ගේ උනන්දුව නැතිවෙයි. මටත් උනන්දුව නැතිවෙලා තියෙන්නෙ.

ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියට බංග්ලාදේශ පාදඟ පන්දු යවන ක්‍රීඩක රිශාඩ් හොසේන් එක් කිරීම ගැන වැඩි දුරටත් අදහස් දැක්වු හතුරුසිංහ මහතා,

රිශාඩ් කියන්නෙ අපේ අනාගත ක්‍රීඩකයෙක්. මම හැකි තරම් උත්සහ කරන්නෙ ඔහුව බැක් කරන්න. ඒ උනත් අවාසනාවකට දේශීය ක්‍රිකට් වලින් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ නැ ඒකට. ඔහු BPL තරගාවලියටවත් නෑ. මම සෑහෙන්න කලකිරීමෙන් ඉන්නෙ ඒ ගැන.

බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලාන වල අවසන් පූර්ව වටයට පිවිසීමට අපහසු ඇයි යනුවෙන් ඈසූ ප්‍රශ්නයේදී හතුරුසිංහ මහතා ලබාදුන්නෙ මෙවන් ප්‍රතිචාරයක්.

ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒක ක්‍රීඩකයන් ගැන නොමේ. අපිට සිස්ටම් එකක් හරි වසර 4 ක හෝ 8 ක cycle එකක් හදන්න ඕනි අපිට ලෝක ශූරයෝ වෙන්න ඔනි නම්. ඒක ඉබේ වෙන්නෙ නැහැ. කණ්ඩායම් ගොඩ නැංවෙන්න අවශ්‍යයි. එංගලන්තය අපිට ඇඩිලෙයිඩ් වලදි පැරදුනාට පස්සෙ ඔවුන් ඊලග මාස 12 තුළ කොතරම් වෙනස් වුනාද? ඒ විදියට තමයි ඔවුන් 2019 ලෝක කුසලානය දිනාගත්තේ. 2007 සිදුවූ සිදුවීමෙන් පස්සේ ඉන්දියාව වසර 4 ක් තුළ තමන්වම ගොඩනගාගත්තා. ඔවුන් 2011 දි කොපමන වෙනස් වූවාද? අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි අපිට අවශ්‍ය. අපි හොදින් සැලසුම් කරලා එවැනි තරගාවලි සඳහා ගොඩනැගිය යුතුයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button