Nathan lyon වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර 7 වන ස්ථානයට -
All News

Nathan lyon වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර 7 වන ස්ථානයට

මේ වන විට පැවැත්වෙන ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ටෙස්ට් තරඟයේදි පලමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියා ලකුණු 383ක් ලබාගත් අතර, අනතුරුව සිය පලමු ඉනිම ආරම්භ කළ නවසීලන්තය කණ්ඩායම ලකුණු 179කට සීමා කිරීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත්වුණා. එහිදී Nathan Lyon ලකුණු 43කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.

Nathan lyon ලබාගත් කඩුලු 4ත් සමඟින්, ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර, 8 වන ස්ථානයේ සිට 7 වන ස්ථානය දක්වා පැමිණීමට සමත්වූයේ, මීට පෙර කඩුලු 519ක් ලබාගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Courtney Walsh ව පසුකරමින්. මේ වනවිට Nathan Lyon කඩුලු 521ක් ලබාගෙන සිටී.

තවමත්, ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර පලමු ස්ථානයේ කඩුලු 800ක් දවාගත් විශිෂ්ඨ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රැඳීසිටින අතර, Shane Warne කඩුලු 708ක් දවාගනිමින් දෙවන ස්ථානයේත්, කඩුලු 698ක් දවාගනිමින් එංගලන්ත ක්‍රීඩක James Anderson තුන්වන ස්ථානයේත් රැඳීසිටිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button