කුසල් වෙනුවට දික්වැල්ලම කණ්ඩායමට කැදවූයේ ඇයි??

පසුගිය දිනවලදී අසනීප තත්වය නිසා බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් කල කුසල් ජනිත් පෙරේරා වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳවූයේ නිරෝෂන් දික්වැල්ලයි. අනිත් පිතිකරුවන්ට ඉහලින් දික්වැල්ල කැදවූයේ ඇයි යන්න ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා Daily FT සමග පැවති සාකච්ඡාවකදී මෙසේ පැවසුවා.
මගේ පළමු මාධ්‍යය හමුවේ පැවසුවා වගේම අපිට ආරම්භක පිතිකරුවන්ගෙ ලොකු අඩුවක් තිබෙනවා. ශෙවෝන් ඩැනියෙල් හා ලසිත් කෲස්පුල්ලේ උඩින්ම ඉන්න තුන්දෙනා අතර ඉන්නවා. ශෙවෝන් එක දිගටම මෙම කාලයේ අසාර්ථක උනා. ඔහුව SSC කණ්ඩායමෙනුත් ඉවත් කරලා. ඒවගේම දැන් පැවැත්වෙන NSL තරගාවලියේ Colombo කණ්ඩායමෙනුත් ඉවත් කරලා තිබෙනවා. කෲස්පුල්ලෙටත් වෙලා තිබෙන්නෙ ඒක. අපි ඔහුව උගන්ඩා කණ්ඩායමට එරෙහිවයි NSL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමටයි ක්‍රීඩා කෙරෙව්වා. ඔහු ඒ සියලුම තරගවල අසාර්ථක වුනා.
අපි කැමතී තරුණයින් එකක් ඉස්සරහට යන්න. අවාසනාවකට මේ දෙන්නා හොද රිද්මයක නැහැ. මේ තත්වය නිසා අපි නායකයා සහ පුහුණුකරු එක්ක කතා කලා. ඔවුන් දෙදෙනාගේ අදහස වුනේ විස්සයි විස්ස ලෝක කුසලානය ගැන හිතලා අත්දැකීම් සහිත පිතිකරුවෙකු සංචිතයට එක්වුනා නම් එයා වඩාත් හොදයි කියලා.
ආබාධයක් වුනොත් අපිට තව අමතර පිතිකරුවෙකු සංචිතයේ ඉන්න අවශ්‍යයි. අපිට ආරම්භක පිතිකරණ ස්ථානයේ ලොකු හිඩැසක් තිබෙන නිසා තමයි අපිට නැවත දික්වැල්ල කරා යොමුවෙන්න සිද්ධ වුනේ. මේ මොහොතේ ඉන්න ආරම්භ පිතිකරුවො සැලකුවොත් මොවුන්ගෙ නම් විතරයි. පැමිණෙන්නේ.
ක්‍රිකට් වලට අවදානය දෙන්න ඕන නිසා මම දේශපාලනයෙන් ඉවත් වෙනවා >> සම්පූර්ණ විස්තරය කියවන්න. (click)