නවසීලන්තය පරදා, ඕස්ට්‍රේලියාවට ලකුණු 172ක විශිෂ්ඨ ජයක්
ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවතී පලමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 172ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
පලමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම, පලමු ඉනිම සඳහා ලකුණු 383ක් ලබාගැනීමට සමත්වූ නමුත්, දෙවන ඉනිම සඳහා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 164ක් පමණයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පලමු ඉනිමේදී විශිෂ්ඨ ශතකයක් වාර්තාකර ගැනීමට කැමරන් ග්‍රීන් සමත්වුණා. (174*)
නමුත්, නවසීලන්තය කණ්ඩායම ඉනිම් දේකේදීම අසාර්ථක වූ බැවින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. නවසීලන්තය කණ්ඩායම පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 179ක් ලබාගත් අතර දෙවන ඉනිමේදීද ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 196ක් පමණයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නේතන් ලයන්, පලමු ඉනිමේදී ලකුණු 43කට කඩුලු 4ක් දවාගත් අතර, දෙවන ඉනිමේදී ලකුණු 65කට කඩුලු 6ක් දවාගැනීමට සමත්වුණා. දෙවෙනි ඉනිමේදී ඔහු ලබාගත් කඩුලු 6ත් සමඟින්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම වාර ගණනක් ඉනිමක කඩුලු 5+ බැඟින් දවාගත් ක්‍රීඩකයා බවට ද පත්වීමට ඔහු සමත්වුණා. ඒ අවස්ථා 10කදී කඩුලු 5+ බැඟින් දවාගෙනයි.
ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳීසිටින්නේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවස්ථා 9කදී ඉනිමක කඩුලු 5+ බැඟින් දවාගෙනයි.
මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේද කඩුලු 184ක් දවාගත් නේතන් ලයන් වන අතර, දෙවෙනියට වැඩිම කඩුලු ලාභියා වන්නේ, කඩුලු 170ක් දවාගෙන සිටින, ඕස්ට්‍රේලියා නායක පැට් කමින්ස් වේ.