ජනිත් ලියනගේගෙන් විශිෂ්ට ඉනිමක්. අද තරඟ ද්විත්වයේ ජය දඹුල්ලට සහ යාපනයට
නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 07 වන සහ 08 වන තරඟ අද ( March 03 ) පැවැත්වුණා. තරඟාවලියේ 7 වන තරඟය ගාල්ල කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී කඩුලු 04 ක ජයක් හිමිකරගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්වුනා.
පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 හ අවසානයේ කඩුලු 07 කට ලකුණු 288 ක් රැස්කළා. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පැතුම් කුමාර ලකුණු 59 ක් රැස්කළ අතර නැවතත් විශිෂ්ට ඉනිමක් දියත්කළ දුනිත් වෙල්ලාලගේ අර්ධ ශතකයක් රැස්කළා.
ලකුණු 289 ක ඉලක්කයක් හිමිවූ ජැෆ්නා කණ්ඩායම තවත් පන්දු 09 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත්කළ ජනිත් ලියනගේ පන්දු 63 කදී ලකුණු 80 ක් රැස්කළ අතර නිශාන් මදුශ්ක සහ සදුන් වීරක්කොඩි අර්ධ ශතක රැස්කළා.
තරඟාවලියේ 08 වෙනි තරඟය පැවැත්වුනේ කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතරයි. මෙම තරඟයෙන් කඩුලු 03 ක ජයක් වාර්තාකිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වුනා.
පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 201 ක් පමණයි. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ මොහොමඩ් ශිරාස් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 03 බැගින් බිඳදැමුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 43 කදී ඔවුන්ට හිමිවූ ඉලක්කය හඹායමින් කඩුලු 03 ක ජයක් වාර්තා කළා.