භානුක රාජපක්ෂව නම් නොකිරීමට හේතුව උපුල් තරංග පහදයි. -
Conference

භානුක රාජපක්ෂව නම් නොකිරීමට හේතුව උපුල් තරංග පහදයි.

බංග්ලාදේශ සංචාරය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටු සාමාජිකයින් මාධ්‍ය හමුවමක් කැඳවමින් බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් නම්කළ සංචිතය පිළිබඳව කරුණු සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ සිටියදී, ඔහුව කණ්ඩායමට නම් නොකර, නිරෝශන් දික්වැල්ලව කණ්ඩායම කැඳවීමට හේතුව කුමක් ද යන්න උපුල් තරංග පැවසූවේ මෙවැන්නක්,

“අපි භානුකව විස්සයි විස්ස තරඟ වලට බැලුවා. අවාසනාවකට ඔහුව අපිට පළවෙනි තරඟාවලි දෙකටම ගන්න බැරිවුණා. කුසල් නැතිවුනාට පස්සෙත් අපි භානුකව ගන්න බැලුවා. මොකද ඒ වගේ ප්‍රවේගකාරී ක්‍රීඩකයෙක් ඉන්නෙ භානුක නිසා. නමුත් මේ දවස්වල NSL තරඟාවලිය යනවා. භානුක එක ටීම් එකක ඉඳාලා එයා කලමණාකරුට කියලා තියෙනවා එයාගෙ මොකක්හරි ආබාධයක් තියෙනාවා එයාට රෙස්ට් කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුනා කියලා. ඒ නිසා ඔහු NSL තරඟාවලියෙන් අයින් වෙනවා කියලා. ඒ නිසා අපිට එයාව සලකා බලන්න බැරිවුණා මේ තරඟාවලියට.

නුවනිඳු ගැන කිව්වොත් ඔහුත් දක්ශ ක්‍රීඩකයෙක්. ඔහු සාමාන්‍යයෙන් ක්‍රීඩාකරන්නෙ මැදපෙළ පිතිකරුවෙක්. අපි එයා එක්ක කතාකරාමත් එයා කැමති මැදපෙළ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩාකරන්න. ගොඩක් අය පටලගෙන තීන්නෙ ඔහුව ආරම්භක පිතිකරුවෙක් විදිහට.”

බංග්ලාදේශය සමඟින් සම්පූර්ණ තරඟාවලිය සජීවීව (Live) බලන්න පුලුවන් ක්‍රම සියල්ල මෙන්න >>> Click

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button