මෙන්ඩිස්, අසලංක හා දසුන් ශානක ICC ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට. -
News

මෙන්ඩිස්, අසලංක හා දසුන් ශානක ICC ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට.

නවතම ICC විස්ස‍යි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම් අද නිවේදනය කෙරුණා. එහිදී විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල කැපිපෙණෙන අයුරින් ස්තාන 07 ක් ඉදිරියට පැමිණෙමින් 33 වන ස්තානය හිමිකරගැනීමට චරිත් අසලංක සමත්වී තිබෙනවා. මීට අමතරව ස්තාන 03 කින් ඉදිරියට පැමිණෙමින් සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 30 වන ස්තානයේ පසුවෙනවා.

ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකත් විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 03 කින් ඉදිරිට පැමිණීමට සමත්වී තිබෙනවා. ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 20 වන ස්තානයේ රැඳීසිටිනවා.

විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය පිතිකරු සූර්‍යකුමාර් යාදව් පෙරමුණේ පසුවන අතර විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්ත පාදඟපන්දු යවන ක්‍රීඩක අඩිල් රශීඩ් පෙරමුණේ පසුවෙනවා. විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්තානය ශකීබ් අල් හසන්ට හිමිවී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button