ඉන්දීය සුපිරි කඩුලු රකින්නා IPL පිටියට සමුදීමට තීරණය කරයි. -
News

ඉන්දීය සුපිරි කඩුලු රකින්නා IPL පිටියට සමුදීමට තීරණය කරයි.

ඉන්දිය කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් මෙවර IPL තරගාවලියෙන් පසු IPL පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහුට මෙවර තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ සාමජිකයෙකි. 39 හැවිරිදි දිනේෂ් කාර්තික් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අනාගතය ගැනද නුදුරේදීම තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දිනේෂ් කාර්තික් තම IPL ගමන ආරම්භ කරනු ලැබුවේ 2008 දි දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමගින්.කාර්තික් යනු IPL ආරම්භයේ සිට සෑම තරගවාරයක්ම ක්‍රීඩා කල ක්‍රීඩකයන් 07 දෙනෙකුගෙන් එක් අයෙක්. අනෙක් ක්‍රීඩකයන් වන්නෙ MS දෝනි, විරාට් කෝලි, රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, ව්‍රිදිමන් සහා හා මනීෂ් පාන්ඩේයි.

පසුගිය වසරේ පැවති IPL තරගාවලියේදී නම් ඔහුට සාර්ථක වන්නට හැකි වූයේ නැ. මුලු තරගාවලියටම ඔහු රැස් කලේ ලකුණු 140 ක් පමණයි. 2022 වසරේ ඉන්දීය රුපියල් කෝටි 5.5 කට ඔහුව RCB කණ්ඩායම මිලට ගනු ලැබුවා. එම වසරේදී ඔහු තරග 16 ක් තුළ ලකුණු 330 ක් රැස් කරගනු ලැබුවෙ ලකුණු 55 ක විශිෂ්ට සාමාන්‍යයක් හා 183.33 ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගනිමින්.

දිනේෂ් කාර්තික් මේ වන විට IPL කණ්ඩායම් 06 ක් සඳහා ක්‍රීඩාකර තිබෙනවා. ඒ කණ්ඩායම් නම් දිල්ලි ඩෙයාඩෙවිල්, කිංග්ස් XI පන්ජාබ්, මුම්බායි ඉන්දියන්ස්, ගුජරාට් ලයන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්යි. IPL පිටියේ තරග 240 ක්‍රීඩා කර ඇති කාර්තික් ලකුණු 4516 ක් රැස් කරගෙන සිටිනවා. කඩුලු රකින්නෙක් ලෙස මහේන්ද්‍ර සිං දෝනිට පමණක් දෙවෙනි වෙමින් සමස්ත දවාගැනීම් 133 කට හිමිකම් කියන්නේ ස්ටම්ප් කිරීම් 36 ක් ද ඈතුලුවයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button