වනිඳු තව එක ක්‍රීඩකයෙක් විතරයි. අපි ඊලඟ තරඟය කෙසේහෝ ජයග්‍රහණය කරනවා – චන්දික හතුරුසිංහ -
Conference

වනිඳු තව එක ක්‍රීඩකයෙක් විතරයි. අපි ඊලඟ තරඟය කෙසේහෝ ජයග්‍රහණය කරනවා – චන්දික හතුරුසිංහ

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන සූදානම සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය සම්බන්ධව මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කළා.

එහිදී ඔහු පවසා සිටියේ එළඹෙන ලෝක කුසලාන තරඟාවලියේදී ලැබෙන තණතිරූ පිළිබඳව තොරතුරු අවම නිසා ලොක කුසලානයට සූදානම් වීම සඳහා ඔවුන් පිතිකරුවන්ට වාසිසහගත වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට හැකි තණතීරුවල ක්‍රීඩාකිරීමට බලාපොරොත්තු වන බවයි. ලෝක කුසලානය සඳහා මාස තුනකට වඩා අඩු කාලයක් ඇති බැවින් ඔවුන්ගේ පන්දුයවන්නන් එවැනි තණතීරුවලට අනුගත කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව ඔහු සඳහන් කළා.

මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කෙසේ හෝ තරඟාවලිය ජයගැනීම ඔවුන්ගේ අරමුණ බවයි.

” අපි මේ තරඟාවලිය දිනන තත්ත්වයකයි ඉන්නෙ. අපේ අරමුණ කොහොමහරි ඊලඟ තරඟය දිනන එක. ඒ වෙනුවෙන් අපි 100% ක්ම කැපවෙනවා.”

වනිඳු හසරංගගේ නැවත පැමිණීම සහ බංග්ලාදේශය මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියක් ජයගෙන නොතිබීම පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්ණයකට චන්දික හතුරුසිංහ මෙලෙසින් පිළිතුරු දුන්නා.

” අපිට ඒ දේ කරන්න බැරිවීම ගැන කරන්න දෙයක් නෑ. නමුත් දැන් අවස්තාවක් තියෙනවා ඒ දේ කරන්න. අපි දැන් ඉන්නෙ ඒ ඉතිහාසය වෙනස් කරන්න පුලුවන් තත්ත්වයක. වනිඳුගේ පැමිණීම සාමාන්‍ය දෙයක්. ඔහු තව එක ක්‍රීඩකයෙක් විතරයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button