තෙවන විස්සයි විස්ස තරඟයේ යකා නැටු රිදෝයිට දඩ.. -
News

තෙවන විස්සයි විස්ස තරඟයේ යකා නැටු රිදෝයිට දඩ..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (09) පැවැත්වුණු අතර ලකුණු 28 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2-1 ක් ලෙස තරඟාවලියේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

මෙම තරඟයේදී සුපිරි පන්දුයැවීමක නිරත වූ නුවන් තුශාර කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහුගේ දෙවන කඩුල්ල ලෙසින් දැවීගිය බංග්ලාදේශ කීඩක තවුහිද් රිදෝයි අවේගශීලිව හැසිරෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ගැටුමක් ඇතිකරගැනීමට උත්සහා කළා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ඒ අනුව ICC චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටම කඩකිරමින් අවේගශීලිව හැසිරුණු තවුහිද් රිදෝයි හට තරඟ මුදලින් 15% ක දඩයක් පනවා තිබෙනවා.

තවුහිද් රිදෝයි අවේගශීලිව හැසිරුණු අවස්තාව (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button