තෙවන දිනය අවසන් වන විට වැඩි ගෞරව ශ්‍රී ලංකාවට. දනංජය හා කමිදුගෙන් වාර්තා රැසක් -
Records

තෙවන දිනය අවසන් වන විට වැඩි ගෞරව ශ්‍රී ලංකාවට. දනංජය හා කමිදුගෙන් වාර්තා රැසක්

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් රැස් කලේ බංග්ලාදේශ පිළට ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින්.
මෙම ඉනිමේද ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවන් වූයේ දනංජය ද සිල්වා හා කමිඳු මෙන්ඩිස්. ඔවුන් දෙදෙනාම මෙම ඉනිමෙත් ශතක වාර්තා කරනු ලැබුවා. නායක දනංජය ද සිල්වා ලකුණු 108 ක් රැස් කලේ හයේ පහරවල් 02 ක් සහ හතරේ පහරවල් 09 ක් සමගින්. සුපිරි ඉනිමක් ක්‍රීඩාකල කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් රැස් කලේ හයේ පහරවල් 06 ක් හා හතරේ පහරවල් 16 ක් රැස් කලා. ඔවුන් දෙදෙනා විසින් වාර්තා රැසක් අද තරගයේදී තබනු ලැබුවා.

නායකයෙකු ලෙස ඉනිම් දෙකේදීම ශතක වාර්තා කල පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස දනංජය ද සිල්වා වාර්තා අතරට එක්වුනා. එලෙසම බංග්ලාදේශය තුලදී ඉනිම් දෙකේදිම ශතක වාර්තා කල ලොව පළමු නායකයා ලෙසද දනංජය ද සිල්වා වාර්තා පොත් අතරට එක්වුන.

නොම්බර් 7 හෝ ඊට පහල ස්ථානයක පිතිකරණය යෙදෙමින් ඉනිම් දෙකේදීම ශතක වාර්තා කල ලොව පළමු පිතිකරුවා වන්නේ කමිදු මෙන්ඩිසුයි. ඒ පළමු ඉනිමේ නොම්බර 07 ස්ථානයේ ලකුණු 102 ක් හා දෙවන ඉනිමෙ නොම්බර 08 ස්ථානයේ ලකුණු 164 ක් රැස් කරගනිමින්.

ටෙස්ට් තරගයක එකම කණ්ඩායමේ පිතිකරුවන් දෙපලක් ඉනිම් දෙකේදීම ශතක වාර්තා කල තෙවන පිතිකරු යුගල බවටද පත්වීමට කමිදුට හා දනංජයට හැකිවූවා. මීට පෙර එවැනි අවස්තා සිදුවී ඇත්තේ 1974 හා 2014 දී. 1974 දී ග්‍රෙග් චැපල් (247* & 133) හා ඉයන් චැපල් (145 & 121) ද 2014 දී අසාර් අලී(109 & 100) හා මිස්බා උල් හක්(101 & 101) යන ක්‍රීඩකයන් මීට පෙර මෙම වාර්තාව තැබූවන්ය.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ශතක දෙකක් සම්පූර්ණ කිරීමට ද කමිදු මෙන්ඩිස් සමත්වුනා.
කමිදුට ඒ සඳහා වැය වූයේ ඉනිම් 03 ක් පමණයි. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කියූවන් වූයේ,
සංජීව රණතුංග (ඉනිම් 05)
තිලාන් සමරවීර (ඉනිම් 06) .

එමෙන්ම ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ලකුණු 170 කට වඩා සබඳතාවක් තැබූ පළමු පිතිකරණ යුගල ලෙසද දනංජය හා කමිදු වාර්තා අතරට එක්වුනා.
පළමු ඉනිමේ ලකුණු 202 ක සබඳතාවක් හා දෙවන ඉනිමේ ලකුණු 173 ක සබඳතාවක් ඔවුන් දෙදෙනා පැවැත්වූවා.

ටෙස්ට් තරගවල නායකයෙකු ලෙස අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50 ට වැඩි අවස්ථාවන් දෙකක් රැස් කල ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස සමතැන් ගැනීමටද දනංජය සමත්වුනා. ඒ ඉනිම් 03 කින්. ඔහුත් සමග සමතැන් ගෙන සිටින්නේ සෝමචන්ද්‍ර ද සිල්වා, T.M. දිල්ෂාන් හා හෂාන් තිලකරත්නයි.

එමෙන්ම ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කල 6 වෙනි හා 7 වෙනි ශ්‍රීලාංකික පිතිකරුවන් ලෙස දනංජය ද සිල්වා හා කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්වුනා.
ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කල පිතිකරුවන්.
දුලීප් මෙන්ඩිස් – 105 & 105 ඉන්දියාවට එරෙහිව 1982 දී මදුරාසියේදී
අසංක ගුරුසිංහ – 119 & 102 නවසීලන්තයට එරෙහිව 1991 දී හැමිල්ටන් හීදී
අරවින්ද ද සිල්වා – 138* & 103* පකිස්තානයට එරෙහිව 1997 දී SSC පිටියේදී
අරවින්ද ද සිල්වා – 146 & 120 ඉන්දියාවට එරෙහිව 1997 දී SSC පිටියේදී
T.M. දිල්ෂාන් – 162 & 143 බංග්ලාදේශයට එරෙහිව 2009 දී චිතගොං හිදී
කුමාර් සංගක්කාර – 142 & 105 බංග්ලාදේශයට එරෙහිව 2013 දී ගාල්ලේදී
කුමාර් සංගක්කාර – 319 & 105 බංග්ලාදේශයට එරෙහිව 2014 දී චිතගොං හීදී
දනංජය ද සිල්වා – 102 & 108 බංග්ලාදේශයට එරෙහිව 2024 දී සිල්හට් හීදී
කමිදු මෙන්ඩිස් – 102 & 164 බංග්ලාදේශයට එරෙහිව 2024 දී සිල්හට් හීදී.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button