ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගෙන් නව වාර්තාවක් -
Records

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගෙන් නව වාර්තාවක්

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුනු 328 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාදෙමින්. මෙම තරගයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188 කටත් බංග්ලාදේශය දෙවන ඉනිම ලකුණු 182 කට සීමා කිරීමටත් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් සමත්වුනා. විශේෂත්වය වන්නේ මෙම ඉනිම් දෙකේම කඩුලු 20 ම වේගපන්දු යවන්නන් විසින් පමණක් දවාගැනීමයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමක් මවුබිමෙන් පිටතදී ටෙස්ට් තරගයක තම ප්‍රතිවාදී පිලේ කඩුලු 20 ම වේගපන්දු යවන්නන් විසින් දවාගත් පළමු අවස්තාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වූවා. 

එහිදී විශ්ව ප්‍රනාන්දු පළමු ඉනිමේ කඩුලු 04 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 03 ක් සමගින් සමස්ථ කඩුලු 07 ක්ද

කසුන් රාජිත පළමු ඉනිමේ කඩුලු 03 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 05 ක් සමගින් සමස්ථ කඩුලු 08 ක් ද

ලහිරු කුමාර පළමු ඉනිමේ කඩුලු 03 ක් හා දෙවන ඉනිමේ කඩුලු 02 ක් ද සමගින් සමස්ථ කඩුලු 5 ක්ද දවාගනු ලැබුවා. 

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක ශ්‍රී ලංකා කණ්ඩායමක් ප්‍රතිවාදී පිලේ කඩුලු 20 ම වේගපන්දු යවන්නන් විසින් දවාගත් තෙවන අවස්තාව ලෙසද මෙය වාර්තා පොත් අතරට එක්වුනා. 

පළමු අවස්ථාව වන්නේ 1985 ඉන්දියාවට එරෙහිව කොළඹ දී පැවැත්වුනු ටෙස්ට් තරගයයි. 

එහිදී අසන්ත ද මෙල් , රුමේෂ් රත්නායක , සාලිය අහංගම හා අර්ජුන රණතුංග අතර කඩුලු 20 බෙදීගියා. ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 149 කින් ජයගනු ලැබුවා. 

දෙවන් අවස්ථාව වන්නේ 1986 දී පකිස්ථානයට එරෙහිව කොළඹ CCC පිටියේදී පැවැත්වූ ටෙස්ට් තරගයයි. 

එහිදී අසන්ත ද මෙල්, කෝසල කුරුප්පුආරච්චි හා රවී රත්නායක අතරේ කඩුලු 20 බෙදී ගියා. එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 08 කින් ජයග්‍රහණය කරනු ලැබුවා. 

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button