වනිදු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමිවෙයි. -
News

වනිදු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමිවෙයි.

වම් විලුඹේ ඇති වූ ආබාධයක් නිසා වනිදු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමිවන බව Sunday Times වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. වනිදුව ඉන්දීය රුපියල් කෝටි 1.5 කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිළදී ගනු ලැබුවා.

වෛද්‍යවරයා හමුවීමෙන් පසු ඔහු විවේක ගැන්විය යුතු යැයි කී නිසා වනිදු මෙවර IPL තරගාවලියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා තහවුරු කොට තිබෙනවා.

ඈෂ්ලිද සිල්වාට අනුව හසරංග , ශ්‍රී ලංකා ක්‍රිකට් හි භෞත චිකිත්සක අංශයේ නිර්දේශය මත ඩුබායි වෙත ගොස් විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී ඔහුගේ උපදෙස් ලබාගැනීමට නියමිතයි.

ඔහුගේ විලුඹේ ඉදිමීමක් තිබෙනවා. ඔහු ක්‍රීඩාකලේ එන්නත් අරගෙන. එක නිසා මේ ගැටලුව ලෝක කුසලානයට පෙර විසදගන්න ඔහු තීරණය කරලා තිබෙනවා. එම නිසා ඔහු මෙවර IPL තරගාවලිය ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය අපට දන්වා තිබෙනවා යැයි තව දුරටත් අදහස් දැක්වූ ඇෂ්ලි ද සිල්වා ප්‍රකාශ කොට ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button