මතීශ පතිරණගෙන් සුපිරි පන්දුයැවීමක්… -
IPLLeague

මතීශ පතිරණගෙන් සුපිරි පන්දුයැවීමක්…

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) මෙවර IPL තරඟාවලියේ 13 වන තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. මෙම තරඟයේ ජය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 191 ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අර්ධ ශතකයක් 52(35) වාර්තා කළ අතර මතීශ පතිරණ රැකගත් සුපිරි උඩපන්දුවත් සමඟින් ඔහුගේ ඉනිම නිමාවුණා. ( එම අවස්තාව මෙතනින් නරඹන්න – Click ) දිල්ලි ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත්කරමින් විශිෂ්ට අර්ධ ශතකයක් රැස්කරමින් දිල්ලි ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැගෙනයාමට නායක රිශාබ් පාන්ට් සමත්වුණා. ඔහු පන්දු 32 කින් ලකුණු 51 ක් රැස්කළා.

පන්දුයැවීමේදී සාර්ථක පන්දුයැවීමක නිරතවෙමින් සිය පන්දුවාර හතර තුළ ලකුණු 31 කට කඩුලු 03 ක් බිදහෙළීමට මතීශ පතිරණ සමත්වුණා. ( ඔහු දවාගත් කඩුලු පහතින් නැරඹිය හැකියි )

ලකුණු 192 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 171 ක් පමණයි. තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් දියත්කරමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාමට මහේන්ද්‍ර සිං දෝණි උත්සාහ කළත් එය සාර්ථක වුණේ ණෑ. දෝණි පන්දු 16 කින් නොදැවී ලකුණු 37 ක් රැස්කළේ හතරේ පහර 04 ක් සහ හයේ පහර 03 ක් සමඟින්.

ඒ අනුව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button