මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව මායන්ක් යාදව්ගෙන්.. -
IPLLeague

මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව මායන්ක් යාදව්ගෙන්..

මෙවර IPL තරඟාවලියේ 15 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වුණා. මෙම තරඟයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 181 ක් රැස්කළා. එහිදී සුපිරි ඉනිමක් දියත්කළ කුයින්ටන් ඩි කොක් ලකුණු 81 ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් දියත්කළ නිකලස් පූරන් පන්දු 21 කිම් නොදැවී ලකුණු 40 ක් රැස්කළා.

ලකුණු 182 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 153 ක් පමණයි. සුපිරි පන්දුයැවීමක නිරත වූ මායන්ක් යාදව් සිය පන්දුවාර 04 තුළ ලකුණු 14 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර මෙවර IPL තරඟාවලියේ වේගවත්ම පන්දුව යොමුකිරීමටද ඔහු සමත්වුණේ පැයට කිලෝ මීටර 156.7 ක වේගයක් වාර්තා කරමින්. මෙය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ වාර්තා වූ සිව්වන වේගවත්ම පන්දුව ලෙසයි. IPL ඉතිහාසයේ වේගවත්ම පන්දුවට හිමිකම් කියන්නෙ පැයට කි.මි 157.7 ක වේගයක් වාර්තා කළ ශෝන් ටෙයිට්.

මායන්ක් යාදව් වාර්තා කළ කඩුලු තුන ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button