සුනිල් නරීන්ගෙන් මල්වෙඩි සංදර්ශනයක්.. -
All News

සුනිල් නරීන්ගෙන් මල්වෙඩි සංදර්ශනයක්..

2024 IPL තරඟාවලියේ 16 වන තරඟය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ආරම්භ වුණා. කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 272-7 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහීදී ආරම්භක පිතිකරු සුනිල් නරීන් සිය හොඳම විස්සයි විස්ස ඉනිම ක්‍රීඩාකළේ පන්දු 39 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 7 ක් සමඟින් ලකුණු 85 ක් රැස්කරමින්. එහිදී ඉශාන්ට් ශර්මා යොමුකළ තරඟයේ සිව්වන පන්දුවාරයේදී හයේ පහර 03 ක් සහ හතරේ පහර 02 ක් සමඟින් ලකුණු 26 ක් වාර්තා කිරීමට ද සුනිල් නරීන් සමත්වුණා. ( සුනිල් නරීන් දියත්කළ සුපිරි ඉනිම පහතින් නැරඹිය හැකියි )

සුනිල් නරීන්ගෙ ඉනිමට අමතරව අද පළමු IPL තරඟයට ක්‍රීඩාකළ යොවුන් ක්‍රීඩක අංග්‍රකිශ් රගුවන්සී පන්දු 27 කින් ලකුණු 54 ක් වාර්තා කළ අතර අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් ඉනිමක් දියත්කළ ඇන්ඩ්‍රි රසල් පන්දු 19 කින් ලකුණු 41 ක් රැස්කළා.

සුනිල් නරීන් දියත්කළ සුපිරි ඉනිම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button