මහීෂ් තීක්ශනගෙන් සාර්ථක පන්දු යැවීමක්. (Video) -
IPLLeague

මහීෂ් තීක්ශනගෙන් සාර්ථක පන්දු යැවීමක්. (Video)

මෙවර අයිපීඑල් තරගාවලියේ 18 වන තරගය අද(05) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද් හී රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. චෙන්නායි කණ්ඩායම අද තරගයට එක්වූයේ වෙනස්කම් 03 ක් සමගින්. මතීෂ පතිරණ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකල අතර මහීෂ් තීක්ෂණ, මොයින් අලී හා මුකේෂ් චෞදි කණ්ඩායම සමග එක්වුනා.

කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට තීරණය කලා. ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 165 ක් රැස් කලා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිවම් ඩුබේ පන්දු 24 කදී ලකුණු 45 ක් රැස් කලේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩකල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 1 කදී ලකුණු 166 ක් රැස් කරගනිමින් තරගය කඩුලු 06 කින් ජයග්‍රහණය කිරීමට සමත්වුනා. හයිද්‍රාබාද් පිතිකරුවන් විසින් මුකේෂ් චෞදි යැවූ පළමු පන්දුවාරයේදීම ලකුනු 27 ක් රැස් කරගැනීම කැපී පෙනුනා. පන්දු යැවීමේදී මොයින් අලී ලකුණු 23 කට කඩුලු 02 ක්ද මහීෂ් තීක්ෂණ පන්දු වාර 04 තුළ ලකුණු 27 කට එක් කඩුල්ලක්ද (වීඩියෝ පහලින් නැරඹිය හැකියි.) දීපක් චහර් ලකුණු 32 කට එක් කඩුල්ලක්ද දවාගත්තා.

මහීෂ් දවාගත් කඩුල්ලේ විඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button