මාර්තූ මාසය සඳහා ICC ක්‍රීඩකයා සම්මානය මෙන්ඩිස්ට. -
All News

මාර්තූ මාසය සඳහා ICC ක්‍රීඩකයා සම්මානය මෙන්ඩිස්ට.

මාර්තු මාසයට අදාළව ICC ක්‍රීඩකයා සම්මානය හිමිකරගැනීමට නැඟීඑන පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්වී තිබෙනවා.

කමිඳු මෙන්ඩිස්ට අමතරව අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් අඩෙයාර් සහ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ අතර වැඩි මනාප ගණනක් හිමිකරගත් කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය හිමිකරගැනීමට සමත්වුණා.

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරඟාවලියේ දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය සඳහා නිර්දේශ වූ අතර එම තරඟාවලියේදී ශතක ද්විත්වයක් සහ අර්ද ශතකයක් වාර්තා කිරීමට කමිඳු සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button