කමිඳු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් කැපීපෙනෙන ලෙසින් ඉදිරියට.. -
All News

කමිඳු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් කැපීපෙනෙන ලෙසින් ඉදිරියට..

නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අද (10) නිවේදනය කෙරුණා. නිමාවූ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පළමු ටෙස්ට් තරඟයේදී ශතක ද්විත්වයක් සහ දෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 92 ක් රැස්කළ කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 46 වන ස්තානය දක්වා ස්තාන 18 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. මීට අමතරව ස්තාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් ඇන්ජලෝ මැතිව්ස් මෙම ශ්‍රේණිගත කිරීම්වල 25 වන ස්තානය හිමිකරගෙන තිබෙන අතර කුසල් මෙන්ඩිස්ද ස්තාන 03 කින් ඉදිරියට පැමිණෙමින් 52 වැනි ස්තානය හිමිකරගෙන තිබෙනවා.

ICC ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 07 කින් ඉදිරියට පැමිණෙමින් අසිත ප්‍රනාන්දු 27 වන ස්තානය හිමිකරගෙන ඇති අතර විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාර ද ස්තාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් පිළිවෙලින් එම ලැයිස්තුවේ 41 වන ස්තානය සහ 44 වන ස්තානයේ රැඳීසිටිනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button