ප්‍රාර්ග් සහ සංජුගේ විශිෂ්ට ඉනිම් සමඟින් රාජස්ථානයෙන් දැවැන්ත ලකුණු පුවරුවක්.. -
IPLLeague

ප්‍රාර්ග් සහ සංජුගේ විශිෂ්ට ඉනිම් සමඟින් රාජස්ථානයෙන් දැවැන්ත ලකුණු පුවරුවක්..

මෙවර IPL තරඟාවලියේ 24 වන තරඟය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 196 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට සමත්වුණා.

රාජස්ථාන් ඉනිම වෙනුවෙන් නැවත වරක් විශිෂ්ට පිතිකරණයක නිරතවීමට රියාන් ප්‍රාර්ග් සමත්වුණේ පන්දු 48 කින් ලකුණු 76 ක් රැස්කරමින්. විශිෂ්ට ඉනිමක් දියත්කළ රියාන් ප්‍රාර්ග් දවාගැනීමට මොහිට් ශර්මා සමත්වුණේ විජේ ශංකර් රැකගත් සුපිරි උඩපන්දුවත් සමඟින්. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

රියාන් ප්‍රාර්ග්ට නොදෙවෙනි ඉනිමක් දියත්කළ නායක සංජු සැම්සන් පන්දු 38 කින් නොදැවී ලකුණු 68 ක් රැස්කළා.

රියාන් ප්‍රාර්ග්ගේ ඉනිම නිමාකළ ශංකර් රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button