තියුණු තරඟයකින් අනතුරුව ගුජරාට් ටයිටන්ස් හමුවේ රාජස්ථානයට පළමු පරාජය.. -
IPLLeague

තියුණු තරඟයකින් අනතුරුව ගුජරාට් ටයිටන්ස් හමුවේ රාජස්ථානයට පළමු පරාජය..

මෙවර IPL තරඟාවලියේ 24 වන තරඟය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 03 ක ජයක් වාර්තාකරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ පළමු පරාජය අත්කරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 196 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට සමත්වූ අතර රාජස්ථාන් ඉනිම වෙනුවෙන් නැවත වරක් විශිෂ්ට පිතිකරණයක නිරතවීමට රියාන් ප්‍රාර්ග් සමත්වුණේ පන්දු 48 කින් ලකුණු 76 ක් රැස්කරමින්. රියාන් ප්‍රාර්ග්ට නොදෙවෙනි ඉනිමක් දියත්කළ නායක සංජු සැම්සන් පන්දු 38 කින් නොදැවී ලකුණු 68 ක් රැස්කළා.

ලකුණු 197 ක ඉලක්කයක් හිමිවූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී එම ඉලක්කය හඹාගියා. ගුජරාට් ටයිටන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක ශුබ්මන් ගිල් පන්දු 44 කින් ලකුණු 72 ක් රැස්කළා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනගිය රශීඩ් ඛාන් පන්දු 11 කින් නොදැවී ලකුණු 24 ක් රැස්කළ අතර රාහුල් තෙවාතියා පන්දු 11 කින් ලකුණු 22 ක් රැස්කළා.

අවේශ් ඛාන් යොමුකළ අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 15 ක් අවශ්‍ය වූ අතර රශීඩ් ඛාන් සහ තෙවාතියා හතරේ පහර තුනක්ද සමඟින් ලකුණු 17 ක් රැස්කරමින් තරඟයේ ජය තහවුරු කළා. ( එම අවසන් පන්දුවාරය පහතින් නැරඹිය හැකියි )

රශීඩ් ඛාන් සහ තෙවාතියා මුහුණදුන් අවසන් පන්දුවාරය (වීඩියෝව)

කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ICC ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණෙයි >>> සම්පූර්ණ විස්තරය කියවන්න Click කරන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button