ක්‍රිශාන් සහ සූර්යාගේ වේගවත් ඉනිම් සමඟින් RCBට එරෙහිව මුම්බායි කණ්ඩායමට පහසු ජයක්. -
IPLLeague

ක්‍රිශාන් සහ සූර්යාගේ වේගවත් ඉනිම් සමඟින් RCBට එරෙහිව මුම්බායි කණ්ඩායමට පහසු ජයක්.

මෙවර IPL තරඟාවලියේ 25 වන තරඟය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදි කඩුලු 07 ක පහසු ජයක් වාර්තාකරමින් තරඟාවලියේ තෙවන ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 196 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. බැංගලෝර් ඉනිම වෙනුවෙන් නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ලකුණු 61 ක් රැස්කළ අතර රාජාට් පතිදර් පන්දු 26 කින් අර්ධ ශතකයක් වාර්තා කළා. තරඟයේ අවසාන පන්දුවාර කිහිපයේ වේගවත් ඉනිමක් දියත්කළ දිනේශ් කාර්තික් පන්දු 23 කින් නොදැවී ලකුණු 53 ක් රැස්කළා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරතවූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 21 කට කඩුලු 05 ක් බිඳදැමුවා.

ලකුණු 197 ක දැවැන්ත ඉලක්කයක් හිමිවූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු තුනකින් එම ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. එහිදී වේගවත් ඉනිමක් දියත්කරමින් ඉශාන් ක්‍රිශාන් පන්දු 34 කින් ලකුණු 69 ක් සහ සූර්යකුමාර් යාදව් පන්දු 19 කින් ලකුණු 52 ක් රැස්කළා.

රොහිට් ශර්මා පන්දු 24 කින් ලකුණු 38 ක් රැස්කළ අතර රීස් ටොෆ්ලි රැකගත් සුපිරි උඩපන්දුවකින් ඔහුගේ ඉනිම නිමාවුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

රීස් ටොෆ්ලි රැකගත් අතිවිශිස්ට උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button