චෙන්නායි කණ්ඩායමෙන් ලකුණු 206ක ලකුණු පුවරුවක්. -
IPLLeague

චෙන්නායි කණ්ඩායමෙන් ලකුණු 206ක ලකුණු පුවරුවක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) මෙවර IPL තරඟාවලියේ 28 වන තරඟය ලෙස චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයේ පලමුව පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගැනීමට සමත්වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක රුටුරාජ් ගයික්වාඩ් පන්දු 40කදී හතරේ පහර 5ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 69ක් වාර්තාකර ගත් අතර, Shivam dube පන්දු 38කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 66ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙවන පන්දුවෙන් Daryl Mitchell ලකුණු 17කට දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසී මහේන්ද්‍ර සිං දෝණි මුහුණදුන් පලමු පන්දු 3ටම පිට පිට හයේ පහර 3ක් ද සමඟින් පන්දු 4කදී නොදැවී ලකුණු 20ක් රැස්කර ගැනීමට සමත්වුණා.

MS දෝණි පිට පිට එල්ල කළ හයේ පහර 3 වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button