මතීෂගෙන් සුපිරි පන්දු යැවීමක්. චෙන්නායි කණ්ඩායමට ලකුණු 20ක ජයක්. -
IPLLeague

මතීෂගෙන් සුපිරි පන්දු යැවීමක්. චෙන්නායි කණ්ඩායමට ලකුණු 20ක ජයක්.

(වීඩියෝ එක පලවෙනි පහළින් නැරඹිය හැකිය) 2024 IPL තරඟාවලියේ 29 වන තරඟය ලෙස පැවතී මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කරගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 206ක් ලබාගැනීමට සමත්වූ අතර වැඩිම ලකුණු ලාභියා වූ රුටුරාජ් ගයික්වාඩ් පන්දු 40කදී ලකුණු 69 ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව Shivam Dube පන්දු 38කදී නොදැවී ලකුණු 66ක් හා අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ MS දෝණි පන්දු 4කදී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20 ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 186ක් පමණයි.

මුම්බායි ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ රෝහිට් ශර්මා පන්දු 63කදී හතරේ පහර 11ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබාගැනීමට සමත්වුණා. මෙය මෙවර තරඟාවලියේ වාර්තා වූ තුන්වන ශතකයයි.

CSK ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.

මතීෂගේ විශිෂ්ඨ පන්දු යැවීම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button