IPL ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුව සන්රයිසර්ස් හයිද්‍රාබාද් නැවතත් අලුත් කරයි.. -
IPLLeague

IPL ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුව සන්රයිසර්ස් හයිද්‍රාබාද් නැවතත් අලුත් කරයි..

(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 30 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වුණු අතර මෙය වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස තරඟ රටාව තුළ වැඩිම ලකුණු ගණනක් වාර්තා වූ තරඟය ලෙසයි. තරඟය පුරා ලකුණු 549 ක් වාර්තා වූ අතර තරඟය නිමාවුණේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 25 ක ජයක් හිමිකරගනිමින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සන්රරයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 287 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවේ IPL ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු පුවරුවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින්. ඔවුන් අලුත් කළේ මෙවර IPL තරඟාවලියේදීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 277-3 ක් ලබාගනිමින් ඔවුන් විසින්ම තබා තිබූ වාර්තාවයි.

සන්රයිසර්ස් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත්කරමින් IPL ඉතිහාසයේ සිව්වන වේගවත්ම ශතකය පන්දු 39 කින් වාර්තා කිරීමට ට්‍රැවිස් හෙඩ් සමත්වුණා. ( ඔහුගේ ඉනිම පහතින් නැරඹිය හැකියි ) හෙඩ්‍ට නොදෙවෙනි ඉනිමක් දියත්කළ හෙන්රිච් ක්ලාසන් පන්දු 31 කින් ලකුණු 67 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සහ හයේ පහර 7 ක්ද සමඟින්. එයිඩ්න් මාර්ක්‍රම් පන්දු 17 කින් ලකුණු 32 ක් රැස්කළ අතර අබ්දුල් සමාද් පන්දු 10 කින් නොදැවී ලකුණු 37 ක් රැස්කළා.

ලකුණු 288 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 262 ක් පමණයි. බැංගලෝර් ඉනිමේදී නායක ෆැෆ් ඩු ප්ලෙසිස් 28 කින් වේගවත් ලකුණු 62 ක් රැස්කළ අතර විරාත් කෝලි පන්දු 20 කින් ලකුණු 42 ක් රැස්කළා. බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙනයමින් සටන්කාමී ඉනිමක් දියත්කිරීමට දිනේශ් කාර්තික් සමත්වුණේ පන්දු 35 කින් ලකුණු 83 ක් රැස්කරමින්. ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් වූ අතර එහිදී මෙවර IPL තරඟාවලියේ දැවැන්තම හයේ පහර එල්ලකිරීමට ද කාර්තික් සමත්වුණා. ( වීඩියෝව පහතින් නැරඹිය හැකියි )

දිනේශ් කාර්තික් එල්ල කළ දැවැන්ත හයේ පහර – 109 m ( වීඩියෝව )

ට්‍රැවිස් හෙඩ්ගේ සුපිරි ඉනිම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button