දෝණිගෙන් නැවතත් සුපිරි අවසානයක්.. -
IPLLeague

දෝණිගෙන් නැවතත් සුපිරි අවසානයක්..

( දෝණිගේ ඉනිම පහතින් නැරඹිය හැකියි ) මෙවර IPL තරඟාවලියේ 34 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් රැස්කළා. චෙන්නායි ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා පන්දු 40 කින් නොදැවී ලකුණු 57 ක් වාර්තා කළා.

අවසන් පන්දුවාර දෙකේදී සුපුරුදු පරිදි වේගවත් ඉනිමක් දියත්කරමින් මහේන්ද්‍ර සිං දෝණි පන්දු 09 කින් නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් චෙන්නායි ඉනිම ලකුණු 176 සීමාව වෙත රැගෙන ගියා. දෝණිගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් අන්තර්ගත වුණා.

දෝණි දියත්කළ වේගවත් ඉනිම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button