පළමු පන්දුවාර හයට ලකුණු 125 ක්. හයිද්‍රාබාද් කණ්ඩායමෙන් තවත් වාර්තාවක්. -
IPLLeague

පළමු පන්දුවාර හයට ලකුණු 125 ක්. හයිද්‍රාබාද් කණ්ඩායමෙන් තවත් වාර්තාවක්.

(වීඩියෝ එක පහලින් නැරඹිය හැක) මෙවර IPL තරඟාවලියේ 35 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මේවනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ වන ට්‍රැවිස් හෙඩ් සහ අභිශේක් ශර්මා පළමු කඩුල්ලට ලකුණු 131 ක සබඳතාවයක් ගොඩනැඟුවා.

එහිදී ඔවුන් දෙදෙනා එක්ව දිල්ලි පන්දුයවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කරමින් පවර්ප්ලේ පන්දුවාර 06 තුළ ලකුණු 125 ක් රැස්කිරීමට සමත්වුණා. එය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ කණ්ඩායමක් පවර්ප්ලේ පන්දුවාර 06 තුළ රැස්කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉනිම අවසානයේදී ඔවුන් කඩුලු 7කට ලකුණු 266ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

ට්‍රැවිස් හෙඩ් සහ අභිශේක් ශර්මා මුහුණදුන් පළමු පන්දුවාර හය (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button