ඔහු තවමත් ලෝක කුසලානයට සූදානම් නැහැ – යුව්රාජ් සිං -
All News

ඔහු තවමත් ලෝක කුසලානයට සූදානම් නැහැ – යුව්රාජ් සිං

අභිෂේක් ශර්මා කියන්නෙ මෙවර IPL තරගාවලියේ නැගී එන පිතිකරුවෙක්. ඔහුගේ හයේ පහරවල් එල්ල කිරීමේ හැකියාව සහ විශිෂ්ට ප්‍රහාරාත්මක වේගය නිසා ඔහු ලොකු අවධානයක් ලබාගෙන තිබෙනවා. ඔහු මෙවර IPL තරගාවලියේ මේ වන විට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් දෙවෙනියට වැඩිම ලකුණුලාභියා. ඒ තරග 8 කදී ලකුනු 288 ක් රැස් කරගනිමින්. මෙම 23 හැවිරිදි පිතිකරුවා සමග ලගින් කටයුතු කල යුව්රාජ් සිං පවසන්නේ ජාත්‍යන්තර පිටියට පිවිසීමට නම් ඔහු තව පරිණත විය යුතු බවයි.

CRICBUZZ සමග පැවති සාකච්ඡාවකදී යුව්රාජ් පවසා තිබුනේ ” අභිෂේක් ඉතාමත් ලගයි නමුත් මම හිතන්නෙ නැ ඔහු තාම ලෝක කුසලානයට සූදානම් කියලා. ලෝක කුසලානය සඳහා අපිට අත්දැකීම සහිත කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. ලෝක කුසලානයෙන් පස්සේ අභිෂේක් ඉන්දියාව ක්‍රීඩා කරන්න සූදානම් වෙන්න අවශ්‍යයි. ඒකට තමයි ඔහු දැන් අවධානය යොමු කරන්න අවශ්‍ය. ඊලගට පැමිනෙන මාස 06 ඔහුට ඉතාමත් වැදගත්.” යනුවෙනි.

මෙවර තරගාවලියේදී අභිෂේක් ශර්මා පවත්වාගෙන ප්‍රහාරාත්මක වේගය(218.18) ගැන යුව්රාජ් සිං ඉතාමත් පැහැදීමෙන් ඉන්නෙ. කෙසේ වෙතත් ඔහු විශ්වාස කරන්නේ අභිෂේක්ට ක්‍රිකට් පිටියේ තම සලකුන තැබීමට නම් ඔහු දිගු ඉනිම් ක්‍රීඩා කල යුතු බවයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ යුව්රාජ් සිං ” ඔහුගේ දස්කම් ඉතාමත් හොදයි. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය අතිවිශිෂ්ටයි. නමුත් තාම ලොකු ලකුණු පැමිනිලා නෑ. මේ වගේ ප්‍රහාරාත්මක වේගයක් එක්ක ලොකු ලකුණු ලබාගෙන තියෙන එක වැදගත් ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගන්න.”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button