එංගලන්ත යොවුන් ක්‍රීඩකයා අකාලයේ දිවිසැරිය නිමාකරයි.. -
All News

එංගලන්ත යොවුන් ක්‍රීඩකයා අකාලයේ දිවිසැරිය නිමාකරයි..

එංගලන්තයේ Worcestershire ප්‍රාන්ත කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වූ විසි හැවිරිදි වියේ පසුවූ Josh Baker පසුගියදා ජීවිතයෙන් සමුගත් බව Worcestershire ප්‍රධාන විධායක Ashley Giles නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා.

Josh Baker , Country Championship තරඟාවලි දෙකක් ක්‍රීඩාකරමින් කඩුලු 70 බිඳදැමීමට සමත්වී තිබෙනවා.

බේකර්ගේ මරණයේ ස්වාහාවය පිළිබඳව අදහස් දැක්වීම Worcestershire ප්‍රධාන විධායක Ashley Giles ප්‍රතික්ශේප කළ අතර ඔහු පවාසා තිබුණේ මෙම පුවත ඔවුන් සියල්ලන්ම කණගාටුවට පත්කළ බවයි.

” ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට වඩා අපිට සමීප කෙනෙක්. ඔහු අපේ ක්‍රිකට් පවුලේ අනිවාර්ය කෙනෙක්. අපිට ඔහුව දැඩි ලෙස මඟහැරෙණු ඇත. අපගේ සියලු ආදරය සහ යාච්ඤා ජෝශ්ගේ පවුලේ අයට සහ මිතුරන්ට පුදකර සිටිනවා..” ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button