කොල්කටා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට.. -
IPLLeague

කොල්කටා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට..

( වීඩියෝව පහතින් ) මෙවර IPL තරඟාවලියේ 54 වන තරඟය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර ඊයේ (05) පැවැත්වුණු අතර ලකුණු 98 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත්වුණා. මෙම ජයත් සමඟින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට කොල්කටා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 235 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. එහිදි නැවතත් විශිෂ්ට ඉනිමක් දියත්කළ සුනිල් නරීන් පන්දු 39 කින් ලකුණු 81 ක් වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ලක්නව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණ් ලකුණු 137 ක් පමණයි. එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ හර්ශිට් රනා ලකුණු 24 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර වරූන් චක්‍රවර්තී ලකුණු 30 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

ආරම්භක පිතිකරු Arshin kullkarni දවාගැනීම වෙනුවෙන් රම්නදීප් සිං විශිෂ්ට උඩපන්දුවක් රැකගත් අතර එම අවස්තාව පහතින් නැරඹිය හැකියි.

රම්නදීප් සිංගේ විශිෂ්ට උඩපන්දු රැකීම (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button