ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට.. -
Match Results

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට..

2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේදී එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම ලකුණු 15 කින් පරාජයට පත්කරමින් 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට නිළ වශයෙන් සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකාවට අමතරව පළමු අවසන් පූර්ව තරඟයේදී අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කළ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමද 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම අතර හෙට ( මැයි 07 ) පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button