ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු.. -
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු..

ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් සඳහා වන තරඟ ගාස්තු ඉහළදමා ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව A1, A2, B2, C1, C2, සහ ‘A’ කණ්ඩායම් වශයෙන් කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිතයි.

නවතම ඉහළ නැංවීම යටතේ ටෙස්ට් ආකෘතිය සඳහා තරඟ ගාස්තු 100% කින් වැඩි කර ඇති අතර එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ගෙවනු ලබන ගාස්තුද 25 % කින් ඉහළ නංවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්වන ක්‍රීඩකයින් ඇගයීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව, ක්‍රීඩකයෙකු ශේණිගත කිරීම්වල පළමු ස්තානයට පත් වුවහොත් මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමට නියමිතයි. එලෙසම ICC ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා ස්තාන හිමිකරගන්නා ක්‍රීඩකයින්ට මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

මීට අමතරව, ජාතික කණ්ඩායම හා සම්බන්ධ තරඟ සංචාර හා අනෙකුත් ක්‍රියාකාරකම් වලදී කොන්ත්‍රාත්ගත සියලුම ක්‍රීඩකයින් සඳහා දෛනික දීමනාද ඉහළ නංවා තිබෙනවා.

කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් 41 ක් දෙනාගෙ ලැයිස්තුව

  • Dimuth Karunaratne
  • Dinesh Chandimal
  • Wanindu Hasaranga
  • Angelo Mathews
  • Kusal Mendis
  • Dhananjaya De Silva
  • Charith Asalanka
  • Pathum Nissanka
  • Dasun Shanaka
  • Mahesh Theekshana
  • Kasun Rajitha
  • Prabath Jayasuriya
  • Dushmantha Chameera
  • Dilshan Madushanka
  • Asitha Fernando
  • Sadeera Samarawickrama
  • Ramesh Mendis
  • Kamindu Mendis
  • Chamika Karunaratne
  • Dunith Wellalage
  • Lahiru Kumara
  • Nishan Madushka
  • Matheesha Pathirana
  • Kusal Janith Perera
  • Vishwa Fernando
  • Jeffrey Vandersay
  • Pramod Madushan
  • Janith Liyanage
  • Akila Dananjaya
  • Praveen Jayawickrama
  • Nuwan Thushara
  • Sahan Arachchige
  • Nuwanidu Fernando
  • Dushan Hemantha
  • Lasith Embuldeniya
  • Binura Fernando
  • Shevon Daniel
  • Niroshan Dickwella
  • Ashen Bandara
  • Oshada Fernando
  • Avishka Fernando

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button