මුම්බායි කණ්ඩායමේ පිල් බෙදීමට හේතු වුනේ රෝහිට් ශර්මාගේ ක්‍රියා කලාපය – ආරෝන් ෆින්ච් -
ConferenceNews

මුම්බායි කණ්ඩායමේ පිල් බෙදීමට හේතු වුනේ රෝහිට් ශර්මාගේ ක්‍රියා කලාපය – ආරෝන් ෆින්ච්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමුවෙන්ම තරඟාවලියෙන් ඉවතට විසිවූ කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පත්වුණ අතර, තරඟාවලිය ආරම්භයේදීම කණ්ඩායම පිල් බෙදීමක් සිදුවූ බවට ඕස්ට්‍රේලියා හිටපු නායක ආරෝන් ෆින්ච් පවසා තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මෙම අසාර්ථකත්වයට හා පිල් බෙදීමට හේතුව, මෙවර මුම්බායි කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩ්‍යා හට ලබාදීමෙන් අනතුරුව, ප්‍රේක්ෂකයින් විසින් පාන්ඩ්‍යාට හූ කියමින් විරෝධය පළ කරන විට, හිටපු නායක රෝහිට් ශර්මා නිහඬව බලා සිටි නිසා බවටයි ෆින්ච් ප්‍රකාශ කර ඇත්තේ.

“අයිපීඑල් තරගාවලිය අතර තුරේදී, රෝහිත්ගෙන් මා දැකීමට කැමති වූ එකම දෙය නම් පාණ්ඩ්යාට ‘හූ’ තියද්දී යම් ආකාරයක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමයි. පාන්ඩ්‍යා කෙරෙහි මහජන අමනාපය ඇදහිය නොහැකි තරම් වුණා. රෝහිත් එළියට ඇවිත් ප්‍රසිද්ධියේ යමක් කියන්න තිබුණා. මහජනතාවට පණිවිඩයක් දෙන්න තිබුණා. ‘පාණ්ඩ්යාගේ පත්වීම මුම්බායි ඉන්දියන්ස් සැලැස්මේ කොටසක්. පාණ්ඩ්යාට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ නිසා හූ තියන්න එපා’ රෝහිත් එහෙම කියන්න තිබුණා. එහෙනම් මිනිස්සු ඒක අහනවා කණ්ඩායම බෙදෙන්නෙත් නෑ. බොහෝ දේවල් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට තිබුණා”

ආරොන් ෆින්ච්, රෝහිත් ෂර්මාගේ පැත්තට ඇඟිල්ල දිගු කරමින් පැවසීය

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button