බාබර් අසාම්, විරාට් කෝලිගේ වාර්තාවක් පසුකර යයි. -
Records

බාබර් අසාම්, විරාට් කෝලිගේ වාර්තාවක් පසුකර යයි.

පකිස්තානය හා අයර්ලන්තය අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයග්‍රහණය පකිස්තාන කණ්ඩායම මැයි 14 වෙනිදා සමත්වුණා.

තරඟාවලියේ තුන්වන තරඟයෙන් කඩුලු 6ක පහසු ජයක් ලබාගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්වූයේ නායක බාබර් අසාම්ගේ විශිෂ්ඨ ඉනිමක් ද සමඟිනි.

අයර්ලන්තය කණ්ඩායම ලබාගත් ලකුණු 178ක ඉලක්කය හඹාගිය පකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 181ක් ලබාගනිමින් තරඟය ජයගත් අතර, බාබර් අසාම් පන්දු 42කදී හතරේ පහර 6ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබාගැනීමට සමත්වුණා.

ඒ සමඟින් බාබර් අසාම් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසුකර යාමට සමත්වූ ක්‍රීඩකයා බවට පත්වීමට ද සමත්වූයේ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිව පසුකර යමින්.

බාබර් අසාම් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අවස්ථා 39කදී ලකුණු 50 සීමාව පසුකර ඇති අතර, විරාට් කෝලි අවස්ථා 38ක් ලකුණු 50 සීමාව පසුකර ඇත.

මේ වන විට, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ, වැඩිම වාර ගණනක් ඉනිමකදි ලකුණු 50 සීමාව පසුකර ඇති ක්‍රීඩකයින්,

  • බාබර් අසාම් ** – අවස්ථා 39 (අර්ධ ශතක 36ක් හා ශතක 3)
  • විරාට් කෝලි – අවස්ථා 38 (අර්ධ ශතක 37ක් හා ශතක 1)
  • රෝහිට් ශර්මා – අවස්ථා 34 ( අර්ධ ශතක 29ක් හා ශතක 5)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button