මම අයි.පී.එල් ක්‍රිඩා කරන්නේ සල්ලි වලට හා විනෝදයටයි – ජෝස් බට්ලර් -
All News

මම අයි.පී.එල් ක්‍රිඩා කරන්නේ සල්ලි වලට හා විනෝදයටයි – ජෝස් බට්ලර්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කළ ජෝස් බට්ලර්, පකිස්තානය සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය හේතුවෙන් අයි.පී.එල් තරඟාවලිය අතරමැද නැවතත් එංගලන්තයට යාමට සිදුවූ බැවින් ඔහුට තරඟාවලියේ අවසන් තරඟ කිහිපය මඟ හැරුණා.

මේ පිළිඹඳව අදහස් දැක්වූ එංගලන්ත නායක ජෝස් බට්ලර් පැවසූවේ තමන් රටට ඉහළින් අයි.පී.එල් තෝරානොගන්න බවත්, අයි.පී.එල් ක්‍රිඩා කරන්නේ මුදල් හා විනෝදය සඳහා බවටයි. එම නිසා ඔහුට අයි.පී.එල් තරඟාවලියේ අවසන් තරඟ කිසිපය ක්‍රීඩා කිරීමට නොහැකි වීම ගැන දුකක් නොමැති බවයි.

ජෝස් බට්ලර්ට අමතරව, Will Jacks, Reece Topley හා Phil Salt යන ක්‍රීඩකයින්ට ද අයි.පී.එල් තරඟාවලියේ Playoff වටය මඟ හැරුණා.

පකිස්තාන සමඟින් විස්සයි විස්ස තරඟාවලිය මැයි 22 ආරම්භ වූ අතර පලමු තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා. තරඟාවලියේ දෙවන තරඟය අද (25) පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button