ජස්ටින් ලැන්ගර් ඉන්දීය පුහුණුකරු ධූරය ප්‍රතික්ශේප කිරීමට හේතු පහදයි. -
All News

ජස්ටින් ලැන්ගර් ඉන්දීය පුහුණුකරු ධූරය ප්‍රතික්ශේප කිරීමට හේතු පහදයි.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධව මේ දිනවල කතාබහක් ඇතිවී තිබෙන අතර ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය ගෞතම් ගාම්භීර්ට හිමිවීමට වැඩි ඉඩක් පවතින බවද වාර්තා වෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධව ලොව දක්ශ පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කර තිබූ අතර දක්ශ පුහුණුකරුවෙකු සහ IPL තරඟාවලියේ ලක්නව් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින්ද කටයුතු කරන ජස්ටින් ලැන්ගර් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරයට ඉදිරිපත් වන ලෙස ලැබුණු යෝජනා ප්‍රතික්ෂේප කර තිබුණා.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ ඉන්දීය පුහුණුකරු ලෙසින් කටයුතු කරන විට IPL පුහුණුකරුවෙකුට ඇති පීඩනය සහ දේශපාලන බලපෑම් දහස් ගුණයකින් ඉහළ යන බවයි.

ජස්ටින් ලැන්ගර් දැක්වූ අදහස් පහතින්.

” මම KL රාහුල් සමඟ මේ ගැන කතාකරනකොට ඔහු කිව්වා ‘ ඔබ දන්නාවා නේද IPL කණ්ඩායමක් ඇතුළෙ තියෙන පීඩනය සහ දේශපාලනය, එය දහස් ගුණයකික් වැඩිවෙනවා ඉන්දියාවට කෝච් කරද්දි ‘ කියලා. ඒක මට හොඳ අවවාදයක් වුණා. මම හිතනවා එය හොඳ ජොබ් එකක්. නමුත් මේ වෙලාවෙ මට නෙමෙයි. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button