මිලර්ගේ සටන්කාමී ඉනිමෙන් දකුණු අප්‍රිකාව අවමන් සහගත පරාජයකින් ගැලවෙයි.. -
Match Results

මිලර්ගේ සටන්කාමී ඉනිමෙන් දකුණු අප්‍රිකාව අවමන් සහගත පරාජයකින් ගැලවෙයි..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 16 වන තරඟය දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණේ නිව්යෝර්ක් හි Nassau country ක්‍රීඩාපිටියේදී.

පිතිකරණයට අසීරු තණතිරුවේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 103 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Sybrand Engelbrecht ලකුණු 40 ක් රැස්කළා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ Ottneil Baartman සිය පන්දුවාර 04 තුළ ලකුණු 11 කට කඩුලු 04 බිඳදැමීමට සමත්වුණා.

ලකුණු 104 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල්පෙළ ප්‍රභල කඩුලු හතරක් ලකුණු 12 ක් තුළ බිඳදැමීමට නෙදර්ලන්ත පන්දුයවන්නන් සමත්වූ අතර ඉන් අනතුරුව සාර්ථක සබඳතාවයක් ගොඩනඟමින් බිඳවැටුණු දකුණු අප්‍රිකා ඉනිම ගොඩනැඟීමට ට්‍රස්ටන් ස්ටබ්ස් සමඟින් එක්වූ ඩේවිඩ් මිලර් සමත්වුණා. ස්ටබ්ස් ලකුණු 33 කට දැවීයාමත් සමඟින් සටන්කාමී ඉනිමක් දියත්කරමින් ඩේවිඩ් මිලර් 19 වන පන්දුවාරයේදී දකුණු අප්‍රිකා ජය තහවුරු කළා. ඒ අනුව ඔවුන් මෙවර ලෝක කුසලානයේ දෙවන ජය වාර්තා කළ අතර දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩේවිඩ් මිලර් පන්දු 51 කින් නොදැවී ලකුණු 59 ක් රැස්කළේ හතරේ පහර 03 ක් සහ හයේ පහර 04 ක් සමඟින්. ( ඩේවිඩ් මිලර් දියත්කළ ඉනිම පහතින් නැරඹිය හැකියි )

ඩේවිඩ් මිලර්ගේ සටන්කාමී ඉනිම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button