නෙදර්ලන්ත ප්‍රභලයෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි.. -
News

නෙදර්ලන්ත ප්‍රභලයෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් ක්‍රීඩාකළ අවසන් තරඟය අද (17) පැවැත්වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 83 ක ජයක් වාර්තාකරමින් තරඟාවලිය නිමාකළා.

මෙම තරඟයෙන් අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායමේ දක්ශ පිතිකරුවෙකු සහ විශිෂ්ට පන්දු රකින්නෙකු වූ සයිබ්‍රෑන්ඩ් එංග්ල්බෙච්ට් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය සමුදීම නිවේදනය කළා. 2023 වසරේ ඔහු නෙදර්ලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් අතර ජාත්‍යන්තර තරඟ 24 ක් පමණක් ක්‍රීඩාකර තිබූ අතර ඉන් අර්ධයක්ම ලෝක කුසලාන තරඟයයි.

ඒ අනුව ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරඟය, ශ්‍රී ලංකාව සමඟින් අද පැවති තරඟය වන අතර විස්තර විචාරකයින් පවා විශ්මයට පත්කරමින් විශිෂ්ට ලෙස හයේ පහරක් වළක්වාලීමට එංගල්බෙච්ට් අද සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

එංග්ල්බෙච්ට්ගේ විශිෂ්ට පන්දුරැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button