ලොකී ෆර්ගසන්ගෙන් අසමසම ලෝක වාර්තාවක්.. -
Records

ලොකී ෆර්ගසන්ගෙන් අසමසම ලෝක වාර්තාවක්..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 39 වන තරඟය පැපුවා නිව්ගීනීයා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වුණු අතර කඩුලු 07 ක පහසු ජයක් හිමිකරගැනීමට නවසීලන්තය සමත්වුණා.

මෙම තරඟයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් සමත්වුණා. ඒ පැපුවා නිව්ගීනීයා ඉනිමේ ඔහු යොමුකළ පන්දුවාර හතරම නිළකුණු පන්දුවාර හතරක් බවට පත්කරමින්. ඔහු යොමුකළ නිළකුණු පන්දුවාර හතර තුළ කඩුලු තුනක් දවාගැනීමටට ඔහු සමත්වුණා. මෙය වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ මිල අවමම පන්දුයැවීම ලෙසයි. ( ෆර්ගසන් යොමුකළ නිළකුණු පන්දුවාර 04 පහතින් නැරඹිය හැකියි )

එලෙසම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වේගවත්ම ශතකයේ වාර්තාව නැවතත් අලුත් වී තිබෙනවා. ඒ Estonia සහ Cyprus අතර තරඟයකදී Estonia ක්‍රීඩක Sahil Chauhan පන්දු 27 කින් ශතකය සම්පූර්ණ කිරීමත් සමඟින්.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වාර්තා වූ වේගවත්ම ශතක…

ලොකී ෆර්ගසන් යොමුකළ නිළකුණු පන්දුවාර හතර ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button