ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් මහා තරඟයකට.. -
Match Results

ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් මහා තරඟයකට..

( වීඩියෝව පහතින් ) 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු අතර කඩුලු 09 ක පහසු ජයක් වාර්තාකරමින් ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබීමට එයිඩ්න් මාර්ක්රම් ප්‍රමුඛ දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට අනපේක්ෂිත ඉරණමකට මුහුණදීමට සිදුවූ අතර මාර්කෝ යැන්සන්, කාගීසෝ රබාඩා ප්‍රමුඛ ප්‍රභල දකුණු අප්‍රිකා පන්දුයවන්නන්ගේ ග්‍රහණයට නතුවීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 56 කට සීමාවුණා. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ මාර්කෝ යැන්සන් ලකුණු 16 කට කඩුලු 03 ක් සහ තබ්රේස් ශැම්සි ලකුණු 06 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර රබාඩා සහ නොකියා අතරේ කඩුලු දෙක බැඟින් බෙදීගියා. ( ඇෆ්ගනිස්තාන ඉනිමේ කඩුලු බිඳවැටීම පහතින් නැරඹිය හැකියි )

ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 56 කට සීමාවීමත් සමඟින් එය වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක කණ්ඩායමක් දැවීගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

  • AFG All Out 56 vs South africa 2024
  • WI All Out 101 vs Sri Lanka 2009

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන් සිය ඉලක්කය හඹායමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ සිය ඉඩ වෙන්කරගැනීමට සමත්වුණා.

ඇෆ්ගනිස්තාන ඉනිමේ කඩුලු බිඳවැටීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button