වනිඳු හසරංගගේ ලෝක කුසලාන වාර්තාවක් ඇෆ්ගනිස්තානයේ ෆරූකිට.. -
Records

වනිඳු හසරංගගේ ලෝක කුසලාන වාර්තාවක් ඇෆ්ගනිස්තානයේ ෆරූකිට..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයට අවසනාවන්ත ලෙස තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

කෙසේවෙතත් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වූ වේගපන්දු යවන ක්‍රීඩක ෆසීල් හක් ෆරූකි තරඟාවලිය පුරාවට කඩුලු 17 ක් බිඳදැමීමට සමත්වුණා. මෙය වාර්තා අතරට එක්වුණේ එක් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක් තුළ පන්දුයවන්නෙකු වාර්තා කළ වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීමට සමත්වුණේ 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කඩුලු 16 ක් දවාගත් වනිඳු හසරංගයි. එම ලැයිස්තුවේ තෙවන ස්තානයේ පසුවන්නේද 2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී කඩුලු 15 ක් දවාගත් අජන්ත මෙන්ඩිසුයි.

එක් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක් තුළ වැඩිම කඩුලු ගණනක් දවාගත් පන්දුයවන්නන්.

  • FazalHaq Farooqi | 17 Wickets ( 2024 )
  • Wanindu Hasaranga | 16 Wickets ( 2021 )
  • Ajantha Mendis | 15 Wickets ( 2012 )
  • Wanindu Hasaranga | 15 Wickets ( 2022 )
  • Arshdeep Singh | 15* Wickets ( 2024 )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button