වසර 13කට පසු ඉන්දියාවට ලෝක කුසලානයක්.. -
Match Results

වසර 13කට පසු ඉන්දියාවට ලෝක කුසලානයක්..

(වීඩියෝ පහළින් නැරඹිය හැක) 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී තියුණු තරඟයකින් අනතුරුව දකුණු අප්‍රිකාව පරදා ලකුණු 7ක ජයක් වාර්තා කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූඋ විරාට් කෝලි පන්දු 59කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 76ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

ඊට අමතරව Axar Patel පන්දු 31කදී වේගවත් ලකුණු 47ක් හා Shivam dube පන්දු 16කදී ලකුණු 27ක් ද ලබාගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී මහරාජ් යා Anrich Nortje කඩුලු 2 බැඟින් හා, Marco Jansen, Kagiso Rabada එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 169ක් පමණයි. දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Henrich Klaasen පන්දු 27කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

තරඟයේ 15න පන්දුවාරයේදී Axar Patel ගේ පන්දුවාරයට හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ද සමඟින්, 24ක් ලබාගැනීමට ද ක්ලාසන් සමත්වුණා.

එම වීඩියෝව මෙන්න.

තරඟයේ අවසන් පන්දු වාරයට ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 16ක් අවශ්‍යව තිබූ මොහොතේ 19 වන පන්දුවාරයේ පලමු පන්දුවට ඩේවිට් මිලර් එල්ල කළ පහර, හයේ සීමාව ආසනයේදී සූර්යකුමාර් යාදෙව් විශිෂ්ඨ ලෙස රැකගැනීමත් සමඟින් දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බිඳ වැටුනා.

එම වීඩියෝ එක මෙන්න,

ඉන්දියාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 18කට කඩුලු 2ක් ද, Arshdeep Singh ලකුණු 20කට කඩුලු 2ක් ද, Axar Patel ලකුණු 49කට එක් කඩුල්ලක් හා හරිදික් පාන්ඩ්‍යා ලකුණු 20කට කඩුලු 3ක් ලබාගැනීමට සමත්වුණා.

අවසන් තරඟයේ වීරයා සම්මානය ලකුණු 76ක් වාර්තා කළ විරාට් කෝලි දිනාගත් අතර, තරඟාවලියේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රා දිනාගත්‍තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button