ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් දිනේශ් කාර්තික්ට නව තනතුරක්.. -
All News

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් දිනේශ් කාර්තික්ට නව තනතුරක්..

2024 අයි.පී.එල් තරඟාවලියෙන් අනතුරුව ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට කඩුලු රකින පිතිකරුවෙකු වූ දිනේශ් කාර්තික් IPL පිටියට සමුදුන් අතර ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ දිනේශ් කාර්තික්ට ස්‍තානයක් හිමි නොවීමත් සමඟින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කළා.

ඒ අනුව ජාත්‍යන්තර පිටියෙන් සමුගත් දිනේශ් කාර්තික්ව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය එක්කරගෙන තිබෙන බව එම කණ්ඩායම නිවේදනය කළා. ඒ අනුව ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ උපදේශකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. දිනේශ් කාර්තික් මේවනවිට ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙසින්ද කටයුතු කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button