ලක්ශ සංඛ්‍යාත ජන ගඟක් මැදින් ලෝක ශූරයින් සිය මව්බිමට.. -
News

ලක්ශ සංඛ්‍යාත ජන ගඟක් මැදින් ලෝක ශූරයින් සිය මව්බිමට..

( වීඩියෝ පහතින් ) 2024 විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙස අභිශේක ලැබූ රොහිට් ශර්මා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ඊයේ (04) නැවතත් ඉන්දියාවට පැමිණියා. කොදෙව් දූපත්වල පැවති සුළි කුණාටු තත්වයක් හේතුවෙන් ඔවුන්ට යළි මව්බිමට පැමිණීම දින කිහිපයකින් ප්‍රමාද වූ අතර ඊයේ පෙරවරුවේ ඔවුන් දිල්ලි නුවරට ළඟාවූ අතර ඉන්පසුව ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණගැසුණා.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් ලක්ශ සංඛ්‍යාත ජන ගඟක් මුම්බායි නුවර වීදි වලට පැමිණ තිබූ අතර ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම පෙළහැරකින් මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණය වෙත ළඟාවූ අතර එහිදී ඔවුන්ව පිළිගැනීම වෙනුවෙන් විශේෂිත උතසවයක් සංවිධානය කර තිබූ අතර වන්කඩේ ක්‍රීඩාංගණයද ක්‍රීඩා ලෝලින්ගෙන් අතුරු සිදුරු නැතුව පිරි ඉතිරී ගොස් තිබුණා.

නායක රොහිත් ශර්මා, පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්, විරාත් කෝලි සහ ජස්ප්‍රිට් බුම්රා මෙම් උත්සව අවස්තාවේදී ලක්ශ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් ආමන්ත්‍රණය කරමින් අදසහ් දැක්වූ අතර ඔවුන්ට එහිදී අසීමිත ප්‍රේක්ශක ආදරයක් සහ ප්‍රතිචාරයක් හිමිවුණා.

මෙම අවස්තාවේදී නායක රොහිට් ශර්මා හර්දික් පාන්ඩ්‍යාව ඇඟයීමට ලක්කළ අවස්තාවේ ඔහුට හිමිවුණේ අසීමිත ප්‍රේක්ශක ආදරයක්. පසුගිය IPL තරඟාවලියේදී ඔහුට ප්‍රේක්ශයින්ගෙන් දෝශාරෝපණ සහ චෝදනා එල්ලවූ අතර එතැන් සිට මාසයක් ගතවීමටද මත්තෙන් ඔහුට හිමිවූ ප්‍රේක්ශක් ආදරය සහ ගොරවය කාගේත් අවදානය දිනාගත් සිදුවීම බවට පත්වුණා. ( එම අවස්තාව ඇතුළුව ඉන්දීය කණ්ඩායමට ප්‍රේක්ශකයින්ගෙන් හිමිවූ ප්‍රතීචාර පහතින් නැරඹිය හැකියි )

හර්දික් පාන්ඩ්‍යාට හිමිවූ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරය ( වීඩියෝ දර්ශණ )

ඉන්දීය කණ්ඩායමට හිමිවූ ප්‍රේක්ශක ප්‍රතිචාර ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button